News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Saturday, June 27, 2015

ඡන්දය නිසා උසස්පෙළ විභාග කාලසටහන වෙනස් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 14ත් 21ත් අතර පැවැත්වෙන විෂයන් කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කෙසේ වෙතත් අගෝස්තු මස 04 වන දින විභාගය ආරම්භ වේ.අගෝසතු 13 දක්වා විභාගය පවත්වා ඉන්පසු 8/24 සිට 9/8 දක්වා විභාගය පැවැත්වේ. ශිෂ්‍යත්ව විභාගය 8/23 පැවැත්වේ.

Sunday, June 21, 2015

තාක්‌ෂණවේදයෙන් 2015 උසස් පෙළ ලියන 2225 දෙනෙකුට සරසවි වරම්

තොරතුරු සන්නිවේදන තාක්‌ෂණය සඳහා සිසුහු 350 ක්‌ද, ජෛව පද්ධති තාක්‌ෂණවේදය සඳහා සිසුහු 950 ක්‌ද, ඉංජිනේරු තාක්‌ෂණවේදය සඳහා සිසුහු 925 ක්‌ද  ඇතුළත් කර ගැනෙති.

අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2014 ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර

අ.පො.ස (උසස් පෙළ)  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2014 ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර පහත සම්බන්ධක ඔස්සේ ලබාගන්න.

AL ICT 2014 Model Paper MCQ Paper 1
AL ICT 2014 Model Paper MCQ Paper 2
AL ICT 2014 Model Paper Part II A and B

අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - සංශෝධිත විෂය නිර්දේශය සහ චක්‍ර ලේඛණය

අ.පො.ස (උසස් පෙළ)  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - සංශෝධිත විෂය නිර්දේශය සහ චක්‍ර ලේඛණය පහත සම්බන්ධක ඔස්සේ ලබාගන්න.

චක්‍ර ලේඛණය

A/L ICT විෂය නිර්දේශය

A/L ICT විෂය නිර්දේශය පාඩම් මාලා 13 කින් සමන්විත වන අතර අනාගත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය සුදුසුකම් සමත් උපාධිධාරින් නිර්මාණය කිරීමේ අරමුණින් සකස් කර ඇත. මුලීක තොරතුරු තාක්ෂණ පාඩම්මාලා කිහිපයකින් පළමු ඒකක අඩංගු වේ. ක්‍රමලේඛ භාෂා, පරිගණක පද්ධති, පරිගණක ජාලකරණය, දත්තපාදක පද්ධති, විද්‍යුත් ව්‍යාපාර සහ පරිගණක තාක්ෂණයේ නව නැඹුරුතා යන ඒකකයන් විශේෂිත පාඩම් වේ.

පාඩම් ඒකක 13 සහ ව්‍යාපෘති ඒකක

1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව.
2. නූතන පරිගණකවල කාර්යසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම.
3. පරිගණකයෙහි දත්ත නිරූපනය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය විමර්ශනය කිරීම.
4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිත කිරීම.
5. පරිගණකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිත කිරීම.
6. පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කිරීම.
7. ගැට‍ළු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming Languages) යොදා ගැනීම.
8. ඵලදායි ලෙස දත්ත හා හඬ සන්නිවේදනය සහ සම්පත් බෙදා ගැනීම සඳහා, දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේශනය කිරීම.
9. දත්ත කාර්යක්ෂමම ලෙස හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත පාදක පද්ධතිත් සැලසුම් කර ගොඩ නැගීම.
10. බහු මාධ්‍යය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.
11. තොරතුරු පද්ධතයක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ කිරිම වේදය භාවිත කිරීම.
12. තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කිරීම.
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම.
14. ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් සැලසුම් කර ක්‍රියාවේ යෙදවීම.

ICT විෂය තෝරාගැනීම

අ.පො.ස (උ/පෙළ) සඳහා ගණිත, විද්‍යා, වාණිඦ, කලා හෝ තාක්ෂණවේදය විෂයන් 2 ක් සමගින් ICT විෂය තෝරාගැනීමෙන් මොරටුව, කොළඹ, පේරාදෙනිය, ජයවර්ධනපුර, රජරට ආදී විශ්වවිද්‍යාල විශාල පුමාණයක් සඳහා ඔබට ඉල්ලුම් කළ හැක.

Saturday, June 20, 2015

උසස් පෙළ ICT විෂය සමග ඉල්ලුම් කළ හැකි උපාධි පාඨමාලා

Computer Science(Colombo, Ruhuna – 300)
Software Engineering(Kelaniya – 50)
IT(moratuwa-200)
IS(Colombo-100)
ICT(Rajarata, Vanuniya-150)
MIT(Kelaniya-50)
Computer Science & Technology(Uva)
Industrial Information Technology(Uva)
Management(SJP,Colombo, Kelaniya, RJT)
Quantity Serveying(Moratuwa)
Architecture(Moratuwa)
Landscape Architecture(Moratuwa)
Law(Colombo)
Applied Sciences(RJT, Wayamba, Sabaragamuwa, RJT…)
Facility Management(Moratuwa)
Town & Country Planning(Moratuwa)
Art(All Universities)
IT & Management(Moratuwa)
Technology