News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Friday, September 4, 2015

අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය 2015 බහුවරණ පිළිතුරු (Unofficial)

1-4 2-5 3-3 4-3/4 5-3 6-4 7-1 8-1/3 9-3 10-1 11-2 12-3 13-1/4 14-5 15-5 16-1 17-3 18-2 19-5 20-2 21-5 22-1/4 23-5 24-1 25-1 26-3 27-2 28-5 29-1 30-5 31-1/5 32-1 33-5 34-2 35-1 36-3 37-3 38-5 39-1 40-2 41-4 42-2 43-3 44-1 45-5 46-4 47-2 48-3 49-2 50-3

Thursday, July 2, 2015

උසස් පෙළට ICT විෂය තෝරා ගත යුත්තේ ඇයි ?

2010 වර්ෂය ශ්‍රී ලාංකීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් වූයේ අ.පො.ස.(උසස් පෙළ) විෂය ධාරාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හඳුන්වා දීමයි. විද්‍යා, ගණිත, කලා සහ වානිජ යන විෂය ධාරාවන්ට අයත් විෂයන් දෙකක් සමග හැදෑරිය හැකි වන පරිදි හඳුන්වා දුන් මෙම විෂය 2013 වර්ෂයේ සිට තාක්ෂණ විෂය ධාරාව සමගද හැදෑරීමට හැකි විය. 2011/2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අයදුම් පත් සමග නිකුත් කළ මාර්ගෝපදේශ පොතට අනුව තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ඒවායේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා වර්ග හා එකී උපාධි පාඨමාලා සඳහා සපුරා තිබිය යුතු තිබිය සුදුසුකම්ද පහත දැක්වේ.


1. තොරතුරු පද්ධති  (Information Systems) පිළිබඳ උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය (UCSC)
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ථ තිබිය යුතුය.
උපාධි පාඨමාලා වර්ග දෙකක් ඇත.
i. තොරතුරු පද්ධතිවේදී උපාධිය (Bachelor of Information Systems (BIS)) – වසර 3කි.
ii. තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Information Systems Engineering [BSc(ISE)] )   – වසර 4කි.

2. තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය පිලිබඳ විද්‍යාවේදී උපාධීය (B.Sc. (Hons) Information Technology & Management)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: මොරටුව විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, විෂයන් දෙකක් සමත්වී තිබීම. (ඉන් එක් විෂයකට සම්මාන සාමාර්ථ තිබිය යුතුය.) මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.
3. පරිගණක විද්‍යා විද්‍යාවේදී උපාධිය (B.Sc. Computer Science)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කොළඹ විශ්ව විද්‍යාලය පරිගණක අධ්‍යනාංශය (UCSC), යාපනය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 240 යි
අවශ්‍ය අවම සුදුසුකම්: සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව යන විෂයන් දෙකක් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ඕනෑම විෂයන් 3ක් සමත්වී තිබීම. මීට අමතරව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් සඳහා සම්මාන සාමාර්ත තිබිය යුතුය.
4. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Management & Information Technology (MIT))
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: කැළණිය විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විද්‍යා විෂයන් 3ක් සමත්වී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව යන විෂයන් වලින් එකකට සම්මාන සාමාර්ථ තිබීම.
5. පරිගණනය සහ කළමනාකරණ විද්‍යාවේදී උපාධිය (B.Sc. Computation & Management)
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: පේරාදෙනිය විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය හෝ ආර්ථික විද්‍යාව ඇතුළු ඕනෑම විද්‍යා, ගණිත, වානිජ සහ කලා විෂයක් සමත්වී තිබීම.
6. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology (ICT)) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 150
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර සංඛ්‍යානය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝලය, තර්කශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය, සංගීතය, සිවිල් තාක්ෂණය, යාන්ත්‍රික තාක්ෂණය, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය යන ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.
7. පරිගණක විද්‍යාව හා තාක්ෂණය (Computer Science and Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50
අවශ්‍ය සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.

8. කර්මාන්ත තොරතුරු තාක්ෂණය (Industrial Information Technology) පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 50 යි.
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.
9. කළමණාකරණ සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය (Bachelor of Science in Management and Information Technology (B.Sc. in MIT))
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය (SEUSL)
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු ඕනෑම විෂය ධාරාවක ඕනෑම විෂයන් දෙකක් සමත්වී තිබීම.
10. ව්‍යාපාර තොරතුරු තාක්ෂණය (Business Information Systems (Special))
ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල: රජරට විශ්ව විද්‍යාලය
බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව: 80 යි.
අවශ්‍ය අවම සුදුසුකම්: තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආරථික විද්‍යාව යන විෂයන්ගෙන් දෙකක් සමත්වී තිබීම.
ඉහත දක්වන ලද තොරතුරු තාක්ෂණ උපාධිවලට අමතරව උසස් පෙළ සඳහා තොරතුරු තාක්ෂණය හදාරන සිසුන් අතරින් විද්‍යා සහ ගණිත විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අදාළ ප්‍රධාන උපාධී පාඨමාලාවලට සුදුසුකම් (වෛද්‍ය සහ ඉංජිනේරු වැනි) නැති වන අතර කලා සහ වානිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුනට තම විෂය ධාරාවට අයත් සෑම උපාධි පාඨමාලාවකටම සහභාගි විය හැකිය. මීට අමතරව වෙනත් විශේෂ උපාධි පාඨමාලාවලටද සහභාගි විය හැකිය.

Saturday, June 27, 2015

ඡන්දය නිසා උසස්පෙළ විභාග කාලසටහන වෙනස් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 14ත් 21ත් අතර පැවැත්වෙන විෂයන් කල් දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කෙසේ වෙතත් අගෝස්තු මස 04 වන දින විභාගය ආරම්භ වේ.අගෝසතු 13 දක්වා විභාගය පවත්වා ඉන්පසු 8/24 සිට 9/8 දක්වා විභාගය පැවැත්වේ. ශිෂ්‍යත්ව විභාගය 8/23 පැවැත්වේ.

Sunday, June 21, 2015

තාක්‌ෂණවේදයෙන් 2015 උසස් පෙළ ලියන 2225 දෙනෙකුට සරසවි වරම්

තොරතුරු සන්නිවේදන තාක්‌ෂණය සඳහා සිසුහු 350 ක්‌ද, ජෛව පද්ධති තාක්‌ෂණවේදය සඳහා සිසුහු 950 ක්‌ද, ඉංජිනේරු තාක්‌ෂණවේදය සඳහා සිසුහු 925 ක්‌ද  ඇතුළත් කර ගැනෙති.

අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2014 ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර

අ.පො.ස (උසස් පෙළ)  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2014 ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර පහත සම්බන්ධක ඔස්සේ ලබාගන්න.

AL ICT 2014 Model Paper MCQ Paper 1
AL ICT 2014 Model Paper MCQ Paper 2
AL ICT 2014 Model Paper Part II A and B

අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - සංශෝධිත විෂය නිර්දේශය සහ චක්‍ර ලේඛණය

අ.පො.ස (උසස් පෙළ)  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - සංශෝධිත විෂය නිර්දේශය සහ චක්‍ර ලේඛණය පහත සම්බන්ධක ඔස්සේ ලබාගන්න.

චක්‍ර ලේඛණය

A/L ICT විෂය නිර්දේශය

A/L ICT විෂය නිර්දේශය පාඩම් මාලා 13 කින් සමන්විත වන අතර අනාගත රැකියා අවස්ථා සඳහා අවශ්‍ය සුදුසුකම් සමත් උපාධිධාරින් නිර්මාණය කිරීමේ අරමුණින් සකස් කර ඇත. මුලීක තොරතුරු තාක්ෂණ පාඩම්මාලා කිහිපයකින් පළමු ඒකක අඩංගු වේ. ක්‍රමලේඛ භාෂා, පරිගණක පද්ධති, පරිගණක ජාලකරණය, දත්තපාදක පද්ධති, විද්‍යුත් ව්‍යාපාර සහ පරිගණක තාක්ෂණයේ නව නැඹුරුතා යන ඒකකයන් විශේෂිත පාඩම් වේ.

පාඩම් ඒකක 13 සහ ව්‍යාපෘති ඒකක

1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව.
2. නූතන පරිගණකවල කාර්යසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම.
3. පරිගණකයෙහි දත්ත නිරූපනය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය විමර්ශනය කිරීම.
4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිත කිරීම.
5. පරිගණකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිත කිරීම.
6. පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කිරීම.
7. ගැට‍ළු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming Languages) යොදා ගැනීම.
8. ඵලදායි ලෙස දත්ත හා හඬ සන්නිවේදනය සහ සම්පත් බෙදා ගැනීම සඳහා, දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේශනය කිරීම.
9. දත්ත කාර්යක්ෂමම ලෙස හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත පාදක පද්ධතිත් සැලසුම් කර ගොඩ නැගීම.
10. බහු මාධ්‍යය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.
11. තොරතුරු පද්ධතයක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ කිරිම වේදය භාවිත කිරීම.
12. තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කිරීම.
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම.
14. ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් සැලසුම් කර ක්‍රියාවේ යෙදවීම.

ICT විෂය තෝරාගැනීම

අ.පො.ස (උ/පෙළ) සඳහා ගණිත, විද්‍යා, වාණිඦ, කලා හෝ තාක්ෂණවේදය විෂයන් 2 ක් සමගින් ICT විෂය තෝරාගැනීමෙන් මොරටුව, කොළඹ, පේරාදෙනිය, ජයවර්ධනපුර, රජරට ආදී විශ්වවිද්‍යාල විශාල පුමාණයක් සඳහා ඔබට ඉල්ලුම් කළ හැක.

Saturday, June 20, 2015

උසස් පෙළ ICT විෂය සමග ඉල්ලුම් කළ හැකි උපාධි පාඨමාලා

Computer Science(Colombo, Ruhuna – 300)
Software Engineering(Kelaniya – 50)
IT(moratuwa-200)
IS(Colombo-100)
ICT(Rajarata, Vanuniya-150)
MIT(Kelaniya-50)
Computer Science & Technology(Uva)
Industrial Information Technology(Uva)
Management(SJP,Colombo, Kelaniya, RJT)
Quantity Serveying(Moratuwa)
Architecture(Moratuwa)
Landscape Architecture(Moratuwa)
Law(Colombo)
Applied Sciences(RJT, Wayamba, Sabaragamuwa, RJT…)
Facility Management(Moratuwa)
Town & Country Planning(Moratuwa)
Art(All Universities)
IT & Management(Moratuwa)
Technology